Posts

කැරට් පුඩිම

Image
අවශ්‍ය ද්‍රව්‍ය,     ග්‍රේටරයකින් ගා ගන්නා ලද කැරට් කෝප්ප 02     බටර් මේස හැඳි 1 1/2     සීනි ග්‍රෑම් 150     වියළි මිදි සහ කජු මද 25 – 30     දොඩම් යුෂ මේස හැඳි 02     විස්කෝතු කුඩු කෝප්ප 02     බිත්තර 01     බේකින් පව්ඩර් ස්වල්පයක්     එනසාල් කුඩු ස්වල්පයක්     දෙහි ලෙලි සාදාගන්නා අයුරු, බිත්තරය හොඳින් ගසාගෙන එයට එනසාල් කුඩු මිශ්‍ර කර නැවත ගසා ගන්න බඳුනක් ගෙන ඉහත සඳහන් ද්‍රව්‍ය ගසා ගත බිත්තර මිශ්‍රණය හා හොඳින් මිශ්‍රකරගන්න. ඉන්පසුව බටර් ගෑ තැටියක දමා වණ්ඩුවේ තම්බාගන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

චොකලට් ෆජ්

Image
උත්සව අවස්ථාවකදී අතුරුපසට ලැබෙන්නේ ඉහළම තැනක්. ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන් සකසා ගත හැකි කවුරුත් කන්න කැමතිම චොකලට් ෆජ් උත්සව වේලාවක් රසවත් කරගන්නට මෙන්න මේ විදිහට හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය:     කුකිං/ ඩාර්ක් චොක්ලට් (Dark / cooking chocolate) 500     ටින් කිරි ටින් 01     බටර් 50     රෝස්ට් කරන ලද කජු   50     වැනිලා ස්වල්පයක් සාදන ක්‍රමය: පළමුව බේකින් ට්‍රේ එකකට ඔයිලි පේපරයක බටර් තවරා  අතුරා ගන්න. ටින් කිරි සහ බටර් මිශ්‍ර කරගෙන ඩබල් බොයිල් ක්‍රමයට උණුකර ගන්න.  එම මිශ්‍රණයට කුඩාවට කපාගත් Dark cooking chocolate මිශ්‍රණයට එකතු කරන්න.හොඳින් දිය වීමට හැර වැනිලා එක්කර ගෙන හොඳින් මිශ්‍රකර ගන්න. දැන් එම මිශ්‍රණයට කජු එක්කර  ගන්න. චොකලට් ෆජ් ඉක්මණින් ඝණ වන නිසා වැඩි වේලාවක් පිස නොගන්න. මිශ්‍රණය උකුවූ පසු කලින් සකසා ගත් බේකින් ට්‍රේ එකට මිශ්‍රණය දමන්න. අඟලක තරම් මහත සිටිනසේ තුනී කරගන්න. නිවුණු පසු කජු ටිකක් උඩින් ඉස පැය 2ක් පමණ ශීතකරණයේ තබන්න. කෑලි කපා පිළිගන්වන්න. අයිස්ක්‍රීම් හෝ කස්ටඩ් සමඟත් පිළිගන්වන්නත් ප...

ඉඟුරු දෝසි පුඩිම

Image
අවශ්‍ය ද්‍රව්‍ය බටර් - 500 g සීනි - 1 kg බිත්තර - 6 ඉඟුරු දෝසි - 750 g කේක් කුඩු - 500 g චෙරි - 100 g වියළි මිදි - 250 g දෙහි පොතු - 5 g වැනිලා එසන්ස් තේ හැඳි - 1/2 සාදන්නේ මෙහෙමයි පළමුව සීනි ග්රෑම් 500ක් සහ බටර් ගෙන හොඳින් මිශ්‍ර කරගන්න. දැන් බිත්තර සුදු මද ගෙන ඉතිරි සීනි සමඟ හොඳින් බීට් කරගන්න. පසුව මිශ්‍රණ දෙකම එකට දමා එයට චෙරි, වියළි මිදි, ඉඟුරු දෝසි පොඩියට කපා දමන්න. ඉන්පසු අනිකුත් සියලුම දේ එකට දමා කළවම් කර සෙල්සියස් අංශක 150 - 180 උෂ්ණත්වයේ විනාඩි 80ක් බේක් කරගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

මිල්ක් නට්ස් ජෙලි

Image
අවශ්‍ය ද්‍රව්‍ය- නැවුම් කිරි-500ml ජෙලටින් - 35g කපාගත්(රෝස්කර)කජු-50g ආමන්ට් නට් 50g වියළි මිදි 50g පදමට සීනි පිළියෙළ කරන්නේ මෙහෙමයි පළමුව කිරි ලිපතබා උතුරවා ගන්න . පසුව එයට උණු වතුරෙන් දියකරගත් ජෙලටින් එකතු කරගන්න. ඉන් පසුව එයට සීනි සහ නට්ස් වර්ග දමා කලවම්කර ශීතකරණයේ තබා සෙට් වු පසු කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

වටලප්පම්

Image
අවශ්‍ය දේවල්  බිත්තර 8 උකු පොල්කිරි කෝප්ප 2 දුඹුරු සීනි හෝ කිතුල් හකුරු 325g කරදමුංගු 5/6 (කුඩු කර ගත් ) සාදික්කා කුඩු ස්වල්පයක් වැනිලා තේ හැඳි 1 (අවශ්‍යනම්)  සාදාගන්නා ආකාරය බිත්තර සුදු මද ටික පමණක් ගෙන එය හොඳින් ඝන වන තුරු බීටරයක් ආධාරයෙන් ගසා ගන්න. ඉන්පසු එයට හකුරු හෝ සීනි දමා නැවත හොඳින් ගසා ගන්න. දැන් එයට බිත්තර කහ මද ටික එකතු කර ගසා ගන්න. ඉහත සදා ගත් මිශ්‍රණයට කරදමුංගු,සාදික්කා, කජු හා වියලි මිදි එක් කර නැවත හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් මෙය ඇලුමිනියම් , මල නොබැදෙන වානේ හෝ පිඟන් මැටි බඳුනකට දමා පැයක් පමණ වෙලාවක් තැම්බෙන තුරු වාෂ්පයෙන් තම්බා ගන්න. නැතිනම් මෙය අවන් (විදුලි පෝරණුව) එකේ දමා බේක් කරගත හැක. අවන් එකට සුදුසු බඳුනකට මිශ්‍රණය දමා වෙනම තැටියකට වතුර දමා පහල රාක්කයෙන් තබා ඊට ඉහලින් වටලප්පන් බඳුන තබා 150*c උෂ්ණත්වයෙන් මිනිත්තු 45 ක් පමණ බේක් කර ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

අන්නාසි කස්ටඩ් පුඩිං

Image
අවශ්‍ය ද්‍රව්‍ය කිරි - 900ml කපාගත් අන්නාසි - 400g සීනි - 250g කස්ටඩ් පවුඩර් - 50g සීනි (කස්ටඩ් සඳහා) - 250g කිරි 100ml වියළි මිදි - 50g කුරුඳු කෑලි - 1 සාදන ආකාරය :- පළමුව පොඩියට කපාගත් අන්නාසි සුදුසු භාජනයකට දමා එයට සීනි, කුරුඳු දමා ළිප තබා තම්බා ගන්න. පසුව කිරි, සීනි, කස්ට‍ඩ් පවුඩර් එකට දියකර හැඳිගාමින් රත්කර ගන්න. මිශ්‍රණය ඝණ වන විට එයට අන්නාසි එක්කර කලවම් කර සුදුසු බෝල්වලට දමා නිවුණු පසු ශීතකරණයේ තබා පිළිගන්වන්න. උපුටා ගැනීම : kitchen.tharunaya.us

පැෂන් මූස්

Image
අවශ්‍ය  දේවල් විපින් ක්‍රීම් පැකට් - 1 හොඳින් ඉදුණු පැෂන් ගෙඩි - 5 (පැෂන් පියුරි පිළියෙල කරගැනීම සඳහා) බිත්තර - 10 සීනි - 500g ජෙලටින් - 60g වතුර අඬු කෝප්ප - 1 ½ පිළියෙල කරන්නේ මෙහෙමයි. පළමුව විපින් ක්‍රීම් කෝප්පයකට දමා හොඳින් බීට් කර ගන්න. බිත්තර කඩා කහමද ටික වෙන්කර ගෙන භාජනයකට දමා හොඳින් බීට් කරගන්න. දැන් තරමක භාජනයක් ළිප තබා එයට සීනි ග්‍රෑම් 500 සහ වතුර අඬු කෝප්ප භාගයක් දමා හොඳින් උණුකර ගන්න. තරමක බෝල් එකක් ගෙන එයට උණු කරගත් සීනි (පැණි) දමා නිවෙන තුරු බීට් කර විපින් ක්‍රීම් සහ බිත්තර කහමද මිශ්‍රණය එකතු කර කලවම් කරගන්න. පැෂන් පියුරි පි‍ළියෙල කර ගැනීමට ඉදුණු පැෂන් ගෙඩි දෙකට කපා තරමක භාජනයක් ගෙන එයට මඳ සියල්ල සූරා දමන්න. දැන් වතුර අඬු කෝප්පයක් දමා හොඳින් බීට් කර ගන්න. දැන් මෙයට පැෂන් පියුරි දමන්න. උණු වතුර ටිකක් කෝප්පයකට ගෙන එයට ජෙලටින් ටික දමා හොඳින් දියකර මෙම මිශ්‍රණයට දමා හොඳින් කලවම් කර වීදුරු වලට දමා පැෂන් ඇට වලින් සරසා ශීතකරණයේ තබා සිසිල් වූ පසු බීමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us