අන්නාසි කස්ටඩ් පුඩිං



අවශ්‍ය ද්‍රව්‍ය
  1. කිරි - 900ml
  2. කපාගත් අන්නාසි - 400g
  3. සීනි - 250g
  4. කස්ටඩ් පවුඩර් - 50g
  5. සීනි (කස්ටඩ් සඳහා) - 250g
  6. කිරි 100ml
  7. වියළි මිදි - 50g
  8. කුරුඳු කෑලි - 1
සාදන ආකාරය :-

පළමුව පොඩියට කපාගත් අන්නාසි සුදුසු භාජනයකට දමා එයට සීනි, කුරුඳු දමා ළිප තබා තම්බා ගන්න.

පසුව කිරි, සීනි, කස්ට‍ඩ් පවුඩර් එකට දියකර හැඳිගාමින් රත්කර ගන්න. මිශ්‍රණය ඝණ වන විට එයට අන්නාසි එක්කර කලවම් කර සුදුසු බෝල්වලට දමා නිවුණු පසු ශීතකරණයේ තබා පිළිගන්වන්න.

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments