වටලප්පම්



අවශ්‍ය දේවල් 

  1. බිත්තර 8
  2. උකු පොල්කිරි කෝප්ප 2
  3. දුඹුරු සීනි හෝ කිතුල් හකුරු 325g
  4. කරදමුංගු 5/6 (කුඩු කර ගත් )
  5. සාදික්කා කුඩු ස්වල්පයක්
  6. වැනිලා තේ හැඳි 1 (අවශ්‍යනම්) 
සාදාගන්නා ආකාරය

බිත්තර සුදු මද ටික පමණක් ගෙන එය හොඳින් ඝන වන තුරු බීටරයක් ආධාරයෙන් ගසා ගන්න.
ඉන්පසු එයට හකුරු හෝ සීනි දමා නැවත හොඳින් ගසා ගන්න.
දැන් එයට බිත්තර කහ මද ටික එකතු කර ගසා ගන්න.
ඉහත සදා ගත් මිශ්‍රණයට කරදමුංගු,සාදික්කා, කජු හා වියලි මිදි එක් කර නැවත හොඳින් මිශ්‍ර කර ගන්න.
දැන් මෙය ඇලුමිනියම් , මල නොබැදෙන වානේ හෝ පිඟන් මැටි බඳුනකට දමා පැයක් පමණ වෙලාවක් තැම්බෙන තුරු වාෂ්පයෙන් තම්බා ගන්න.
නැතිනම් මෙය අවන් (විදුලි පෝරණුව) එකේ දමා බේක් කරගත හැක. අවන් එකට සුදුසු බඳුනකට මිශ්‍රණය දමා වෙනම තැටියකට වතුර දමා පහල රාක්කයෙන් තබා ඊට ඉහලින් වටලප්පන් බඳුන තබා 150*c උෂ්ණත්වයෙන් මිනිත්තු 45 ක් පමණ බේක් කර ගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments