Posts

Showing posts from September, 2018

ලෙමන් ස්ට්‍රෝබෙරි චොක්ලට් මූස්

Image
අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව ගාගත් චොක්ලට් ග්‍රෑම් 50 බටර් මේස හැඳි 1 බිත්තර සුදුමද 1 යි ගසාගත් විප් ක්‍රීම් ලීටර් 1/4 සීනි මේස හැඳි 1 ස්ටේ‍රා්බෙරි යුෂ මේස හැඳි 3 දෙහි යුෂ මේස හැඳි 3 සාදන ආකාරය  බිත්තර සුදුමදය හොඳින් ගසාගන්න. සීනි දමා නැවත ගසා ගන්න. විප් ක්‍රීම් හොඳින් බිට් කරගෙන ශීතකරණයේ විනාඩි 15ක් තබන්න. තරමක ලොකු බඳුනක් ගෙන එයට චොක්ලට් සහ බටර් දමා හොඳින් බිට් කරගන්න. එයට ගසාගත් බිත්තර සුදුමදය සහ විප් ක්‍රීම් දමා කලවම් කර ගෙන ඒ මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර ගන්න. එක් කොටසකට ලෙමන් යුෂ එකතු කර මිශ්‍ර කරගන්න. අනෙක් කොටසට ස්ටේ‍රා්බෙරි යුෂ දමා කලවම් කර ශීතකරණයේ තබා සෙට් කර කෑමට ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

වෙනස් විදිහකට බිස්කට් පුඩිමක්

Image
බිස්කට් පුඩිම ලොකු පොඩි සැම අතර ජනප්‍රියම අතුරුපසක්. උත්සවයකට, දානයකට මේ දවස්වල බිස්කට් පුඩිම අනිවාර්යය අංගයක්. බොහෝදෙනා පුරුදුවී ඇත්තේ අයිසිං සීනි ඇසුරෙන් බිස්කට් පුඩිම සැකසීමටයි. එසේ නොමැතිව වෙනත් පහසු ක්‍රමයකට බිස්කට් පුඩිමක් සකසන්න කැමති නම් මෙම ක්‍රමය අනුගමනයකර බලන්න- අවශ්‍ය ද්‍රව්‍ය :     ටින්කිරි පොඩි ටින් 1     බටර් 100g     කොකෝ පවුඩර් මේස හැදි 3     මාරි බිස්කට් පැකට් 2 (සමාන්‍ය සහ චොකලට් රසැති)     Chocolate chip (dark and white)     කුඩාවට කැපූ කජු හෝ පුහුල් දෝසි කැබලි සාදන අයුරු : පළමුවෙන්ම ටින්කිරි , බටර් ,කොකෝ පවුඩර් එකට දාමා හොඳින් කවලම් කරගන්න. අනතුරුව එම මිශ්‍රණය ලිප තබා උණු කරන්න. හොඳින් උණුවුණු පසු කුඩාවටකඩාගත් බිස්කට් දාමා කවලම් කරන්න. අනතුරුව අලංකාර තැටියකට දාමා ශීතකරණයේ තබන්න. පුඩිංඑක setවූ පසු Chocolate chip සහ පුහුල් දෝසි කැබලි යොදා අලංකාර කරගන්න. පුහුල් දෝසිවලටට අකමැති නම් අන්නාසි හෝ ස්ට්‍රෝෙබෙරි වැනි පලතුරු වර්ගයක් යොදාගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

අන්නාසි පුඩිම

Image
අන්නාසි අපි කවුරුත් කන්න කැමැති පලතුරක්. ඒ වගේම ලංකාවේ පහසුවෙන් සොයා ගත හැකි පලතුරක්. මෙම පුඩිම අන්නාසි ඇසුරින් පහසුවෙන් සැකසිය හැකි රසවත් අතුරුපසක්.. අවශ්‍ය ද්‍රව්‍ය:     අන්නාසි ගෙඩි 01     කුඩා ටින් කිරි 01     ජෙලටින් තේ හැඳි 02     සීනි ග්‍රෑම් 200     වැනිලා ස්වල්පයක්     කපා ගත් කජු සහ වියලි මිදි අවශ්‍ය තරමට     සැරසීමට චෙරි ස්වල්පයක් සාදාගන්නා අයුරු: අන්නාසි ගෙඩිය පොතු හැර කුඩාකැබලි වලට කපාගන්න. ටින්කිරි බඳුනකට දමා එයට වතුර ටින් 2ක් එක්කර සීනිවලින් මඳක් දමා ලිප තබා උණුකරන්න. පසුව මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න. අන්නාසි කැබලිවලට ඉතිරි සීනි ටික දමා ලිප තබා මිශ්‍රණය පැණි බවට පත්වන විට ලිපෙන් ඉවතට ගන්න. ජෙලටින් උණුවතුරෙන් දිය කර එය කිරි මිශ්‍රණයට එක්කර අන්නාසි මිශ්‍රණයට දමා කලවම් කරගන්න. දැන් මිශ්‍රණයට අලංකාර බඳුනකට දමා උඩින් කජු, වියළි මිදි සහ චෙරි එක්කර සරසා ශීතකරණයේ තබා පුඩින් එක සෙට්වූ පසු පිළිගන්වන්න. වැඩි රසයක් සඳහා වැනිලා අයිස් ක්‍රීම්, විපිං ක්‍රීම් හෝ කස්ටඩ් ස්වල්පයක් සමඟින් ද පිළි...

බිත්තර රහිත කස්ටඩ් කැරමල් පුඩිම

Image
අවශ්‍ය ද්‍රව්‍ය     එළකිරි(fresh milk) මිලි ලීටර් 180     මිල්ක් මෙඩ් මිලි ලීටර් 180     යෝගට් මිලි ලීටර් 180     කස්ටඩ් පව්ඩර් මේස හැඳි 2     වැනිලා ටිකක්     කැරමල් එක සඳහා සීනි කෝප්ප 1/4 සාදන ක්‍රමය සීනි ටික ලිප තබා අඩු ගින්දරේ කැරමල් එක සදාගෙන පුඩිම සාදන භාජනයට දමා ගන්න එළකිරි වලට සියල්ල දමා හොදින් දියකරගෙන කැරමල් දමා ගත් බඳුනට දමා විනාඩි 30ක් පමන ස්ටීම් කරගන්න අවශ්‍ය නම් අවන් එකේ සෙන්ටිග්‍රේඩ් අංශක 160 කට විනාඩි 35 බේක් කරන්න උපුටා ගැනීම : kitchen.tharunaya.us

ජෙලි පෘෘට්

Image
අවශ්‍ය ද්‍රව්‍ය එළකිරි මිලි. ලී. 500 රතු පාට ජෙලි මි.ලී. 50 කොළ පාට ජෙලි මි.ලී. 50 කහ පාට ජෙලි මි.ලී. 50 කසකසා ඇට ග්‍රෑම් 10 කපාගත් ඉදුනු ගස්ලබු ග්‍රෑම් 50 සිහින් කොටු කපාගත් ඇපල් ගෙඩියකින් 1/2ක් පමණ   සීනි රසට අනුව   සාදන ක්‍රමය   ජෙලි සාමාන්‍ය ආකාරයට සාදා සෙට් කරගෙන ඉතා කුඩා කැබැලිවලට කපා ගන්න. කසකසා ඇට ටික පැය 2-3ක් වතුරේ ‍පොඟවා ගන්න. පලතුරු වර්ගද කුඩා කොටු ලෙස කපාගන්න. දැන් සියලුම පලතුරු වර්ග සහ ජෙලි මිශ්‍රකර වීදුරුවලට දමන්න. දැන් කිරි, සීනි, කසා ඇට මිශ්‍රකර පලතුරු මත දමා ශීතකරණයේ තබා පිළිගන්වන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

ලේයර්ඩ් ජෙලි පුඩිම

Image
ලොකු කුඩා සැවොම රස කර කර කන ජෙලි වෙනස්ම විදිහකටම හදල බලන්න කැමතිද? ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි මෙම රසයත් පුඩිමට හැමෝම අනිවාර්යයෙන්ම කැමති වේවී. අවශ්‍ය ද්‍රව්‍ය:     ජෙලි පැකට් 1     උකු කිරි පොඩි ටින් 1     මාරි බිස්කට් පැකට් 1     බටර් 250 g     ජෙලටින් තේ හැදි 3     වැනිලා තේ හැදි 1     පලතුරු කැබලි ස්වල්පයක් සාදන අයුරු: පළමුවෙන්ම මාරි බිස්කට් ටික කුඩු කරගන්න. බටර් ටික දිය කර බිස්කට් කුඩු වලට දමා මිශ්‍ර කරන්න. ලස්සන වීදුරු බඳුනකට සකසා ගත් බේස් එක දමා හැන්දක් ආධාරයෙන් තදට අතුරා ගන්න. එය ශීතකරණයේ තබා සවි වෙන්නට හරින්න. ජෙලටින් ටික උණු ජලය කෝප්ප භාගයක දියකර උකු කිරි සහ වැනිලා සමඟ මිශ්‍ර කරගන්න. හොඳින් සවි වූ බිස්කට් බේස් එක මතට කිරි ලේයර් එක එක්කර තබා සවි වෙන්නට ශීතකරණයේ තබන්න. අනතුරුව ජෙලි පැකට් එකේ සඳහන් කර ඇති ජලය ප්‍රමාණයෙන් භාගයේ යොදා ජෙලි ලේයර් එක සාදා සවි වුණු උකු කිරි ලේයර් එක මතින් යොදා ශීතකරණයේ තබන්න. සවි වුණු පසු පලතුරු කැබලි යොදා සරසා ගන්න. මෙය විවිධ හැඩ අනුව ලස්සනට කපා පිළි ගන්වන්නත් පුළුවන්...

චොක්ලට් කස්ටඩ් පුඩිම

Image
විශේෂ උත්සව අවස්තාවකට ආහාර මෙනූවක් සකසද්දී  අතුරුපසට එක් කරගන්නේ කුමක් ද යන්න බොහෝ දෙනාට ගැටළුවක්. ඒ නිසා එවැනි  අවස්තාවකට එක් කරගත හැකි පහසුවෙන්ම  සකසා ගන්නට පුළුවන් රසවත් චොක්ලට් පුඩිමක් හදාගන්නේ කොහොමද කියලා බලමු. අවශ්‍ය ද්‍රව්‍ය:     උකු කිරි ටින් 1     කස්ටඩ් පවුඩර් මේස හැඳි 3     බිත්තර 4     ජෙලටින් තේ හැඳි 3     සිනි කෝප්ප 1     කොකෝවා පව්ඩර් සාදන අයුරු: බිත්තර වල සුදු මද කහ මද වෙන් කරගන්න. බඳුනකට කස්ටඩ් පවුඩර් ටික දමන්න. සාස්පානක් ලිප තබා උකු කිරි සහ වතුර ටින් දෙකක් (උකු කිරි ටින් එකේ ප්‍රමාණයටම) එක්කර මද ගින්නෙන් රත් කරගන්න. ඉන් කිරි මේස හැඳි තුනක් ගෙන කස්ටඩ් පවුඩර් ටිකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තර කහ මද ටිකද එයටම එක්කර නැවත හොඳින් මිශ්‍ර කරගන්න. දැන් කිරි ටික ලිපෙන් ඉවතට ගෙන කස්ටඩ් පවුඩර් මිශ්‍රණයට ටිකෙන් ටික එක්කරමින් මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරගත් පසු නැවත සාස්පානට මිශ්‍රණය දමා ඝන වනතුරු මද ගින්දරේ උණු කරගන්න. පසුව එය වීදුරු බඳුනකට දමා හොඳින් සිසිල් වීමට තබන්න. උණු වතුර ස්වල්...

පොල්කිරි කැරමල්

Image
අවශ්‍ය ද්‍රව්‍ය උකු මිටිකිරි අඬු කෝප්ප 1 සීනි ග්‍රෑම් 75 බිත්තර 6 යි සාදන ආකාරය    සීනි ග්‍රෑම් 25 බඳුනකට දමා එය කැරමල් කර ගන්න. කැරමල් පුඩිම සාදන භාජනයේ අඩියට මේ කැරමල් එක දමන්න. දැන් ඉතිරි සීනි, බිත්තර හොඳින් බිට් කර ගන්න. දැන් මිටිකිරි දමා හොඳින් කලවම් කරගන්න. දැන් මේ මිශ්‍රණය සකස් කරගත් බඳුනේ දමා වාෂ්පයෙන් පිස ගන්න. නැතිනම් විනාඩි 45ක් අවන් එකක පුළුස්සා ගන්න.  උපුටා ගැනීම : kitchen.tharunaya.us

පාන් පුඩිම

Image
මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ අලුත් අවුරුදු කාලෙට නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි. ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්, සිංහලෙන් පාන් පුඩිම.. අවශ්‍ය ද්‍රව්‍ය කිරි - මිලි ලීටර් 100 බිත්තර - 2 සීනි - ග්‍රෑම් 125 පාන් පෙති - 4 වියලි මිදි-ග්‍රෑම් 10 සාදික්කා-කුඩු චුට්ටක්(කැමති නම්,තියෙනව නම් විතරක්) මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,  ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න. ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න. ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි 10ක්වත් ගියේ න...