ජෙලි පෘෘට්



අවශ්‍ය ද්‍රව්‍ය
  1. එළකිරි මිලි. ලී. 500
  2. රතු පාට ජෙලි මි.ලී. 50
  3. කොළ පාට ජෙලි මි.ලී. 50
  4. කහ පාට ජෙලි මි.ලී. 50
  5. කසකසා ඇට ග්‍රෑම් 10
  6. කපාගත් ඉදුනු ගස්ලබු ග්‍රෑම් 50
  7. සිහින් කොටු කපාගත් ඇපල් ගෙඩියකින් 1/2ක් පමණ 
  8. සීනි රසට අනුව 
සාදන ක්‍රමය
 
ජෙලි සාමාන්‍ය ආකාරයට සාදා සෙට් කරගෙන ඉතා කුඩා කැබැලිවලට කපා ගන්න. කසකසා ඇට ටික පැය 2-3ක් වතුරේ ‍පොඟවා ගන්න. පලතුරු වර්ගද කුඩා කොටු ලෙස කපාගන්න. දැන් සියලුම පලතුරු වර්ග සහ ජෙලි මිශ්‍රකර වීදුරුවලට දමන්න. දැන් කිරි, සීනි, කසා ඇට මිශ්‍රකර පලතුරු මත දමා ශීතකරණයේ තබා පිළිගන්වන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments