වෙනස් විදිහකට බිස්කට් පුඩිමක්



බිස්කට් පුඩිම ලොකු පොඩි සැම අතර ජනප්‍රියම අතුරුපසක්. උත්සවයකට, දානයකට මේ දවස්වල බිස්කට් පුඩිම අනිවාර්යය අංගයක්. බොහෝදෙනා පුරුදුවී ඇත්තේ අයිසිං සීනි ඇසුරෙන් බිස්කට් පුඩිම සැකසීමටයි. එසේ නොමැතිව වෙනත් පහසු ක්‍රමයකට බිස්කට් පුඩිමක් සකසන්න කැමති නම් මෙම ක්‍රමය අනුගමනයකර බලන්න-

අවශ්‍ය ද්‍රව්‍ය :
  1.     ටින්කිරි පොඩි ටින් 1
  2.     බටර් 100g
  3.     කොකෝ පවුඩර් මේස හැදි 3
  4.     මාරි බිස්කට් පැකට් 2 (සමාන්‍ය සහ චොකලට් රසැති)
  5.     Chocolate chip (dark and white)
  6.     කුඩාවට කැපූ කජු හෝ පුහුල් දෝසි කැබලි
සාදන අයුරු :

පළමුවෙන්ම ටින්කිරි , බටර් ,කොකෝ පවුඩර් එකට දාමා හොඳින් කවලම් කරගන්න. අනතුරුව එම මිශ්‍රණය ලිප තබා උණු කරන්න. හොඳින් උණුවුණු පසු කුඩාවටකඩාගත් බිස්කට් දාමා කවලම් කරන්න. අනතුරුව අලංකාර තැටියකට දාමා ශීතකරණයේ තබන්න. පුඩිංඑක setවූ පසු Chocolate chip සහ පුහුල් දෝසි කැබලි යොදා අලංකාර කරගන්න. පුහුල් දෝසිවලටට අකමැති නම් අන්නාසි හෝ ස්ට්‍රෝෙබෙරි වැනි පලතුරු වර්ගයක් යොදාගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments