රටඉඳි පුඩිම



අවශ්‍ය ද්‍රව්‍ය:
  1. රට ඉදි  500g
  2. බටර් 250g
  3. පිටි 125g
  4. කිරි බෝතල්  ½
  5. සීනි 250g
  6. පරණ පාන්
  7. ලුණු ස්වල්පයක්
  8. බිත්තර 4
  9. වැනිලා ස්ප්‍රිතු ස්වල්පයක්
  10. බේකින් පවුඩර් තේ හැදී 1
සාදන ක්‍රමය

රට ඉදි ඇට හැර කපා පොඩිකර ,බිත්තර පෙණ නගින තුරු හොද හැටි ගසා රට ඉදි සහ අනෙක් කළමනා සියල්ල ම එක්කොට අනා කලවම් කර භාජනයේ තෙල් ගා මිශ්‍රණය ඊට දමා පැය තුනක් පමණ වේලා වන්ඩුවේ තම්බන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments