මාස් මෙලෝස් පුඩිම



අවශ්‍ය ද්‍රව්‍ය -:
  1. බිත්තර - 4
  2. ජෙලටින් තේ හැඳි - 2
  3. සීනි කෝප්ප -1/2
  4. වතුර පීරිසි කෝප්ප -1
  5. කලරිං ස්වල්පයක්
පිළියෙල කරන ආකාරය -:

පළමුව උණුවතුර කෝප්ප එකක් ගෙන එයට ජෙලටින් දමා හොඳින් දිය කරන්න.බිත්තර සුදු මඳ පමණක් වෙන්කර භාජණයකට දමා හොඳින් ගසා ගන්න.පසුව එයට සීනී හා ජෙලටින් වරින් වර එක්කරමින් ගසා ගන්න.

දැන් මේම මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර ඒවාට වර්ණ දෙකක් මිශ්‍රකර තට්ටු දෙකක් වශයෙන් සිටින සේ පුඩිං බඳුනකට දමා ශීතකරයේ තබන්න.

පිළිගන්වන විට කප් වලට දමා අවශ්‍ය නම්අඹ, අන්නාසි,කජු , ජෙලටින් කුඩා කැබලි වලින් මෙය සරසා පිළිගැන්විමටද පුළුවන්. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments